කන්ටේනර් රථයකින් ප්රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා බුරුත කොට තොගයක් සිය භාරයට ගැනිමට පොලීසිය සමත් වුණා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම පිවිසුමේදීයි පොලීසිය මෙම දැව තොගය සිය භාරයට ගෙන ඇත්තේ. ලී කුඩු පිරවූ පොහොර මළු අතුරා මෙම දැව තොගය සගවා තිබූ බව පොලීසිය සදහන් කළා. බලපත්ර රහිතව රැගෙන ආ මෙම දැව කොලොන්න ප්රදේශයේ සිට හොරණ දක්වා ප්රවාහනය කෙරුණු බවයි වාර්තා වන්නේ.
The post ලක්ෂ 20 ක් පමණ වටිනා බුරුත කොට තොගයක් පොලිස් භාරයට appeared first on ITN News.
Post a Comment