Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට චෝදනා  

Add comments

මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරනවා.

උතුරු කොරියාව පසුගිය සතියේදී කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් නව සම්බාධක පැනවීමටයි ආරක්‍ෂක මණ්ඩලයේ සම්බාධක කමිටුවේදී යෝජනා වී ඇත්තේ. නව මිසයිල අත්හදා බැලීම ජගත් සංවිධානයේ යෝජනාවන් කඩ කිරීමක් බව සම්බාධක කමිටුව පෙන්වා දෙනවා. උතුරු කොරියාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග තවත් දැඩි කරමින් නව සම්බාධක පැනවීමට යෝජනා කර ඇත්තේ ඇමෙරිකාවයි. තම රටට එල්ල වන අනිසි බලපෑම්වලට මුහුණ දීමට හා ඒවාට ප්‍රතිචාර දැක්විමට උතුරු කොරියාව සෑම විටම සූදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් එරට ආරක්‍ෂක අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

 

 

 

 

The post උතුරු කොරියාවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG