මොසැම්බික් රාජ්‍යයේ පල්මා නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරනවා.
වෙඩි තැබීමෙන් දිවි ගලවා ගැනීමට උත්සාහ කිරීමේදී මිය ගිය පුද්ගලයන් 7 දෙනෙකුගේ සිරුරු මේ වන විටත් සොයාගෙන තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශීය හා විදේශීය සංචාරකයන් ලැගුම් ගෙන සිටි හෝටලයක් ඉලක්ක කර ගනිමින්. එහි රැදී සිටි සංචාරකයන් සියලු දෙනාම මුදා ගැනීමට හැකිවී තිබෙනවා. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර එම ප්‍රදේශය වසා දමා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන්නේ.
The post මොසැම්බික් රාජ්‍යයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment