Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 25 වනදා  

Add comments

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ ශ්‍රී දේහය ගල්කිස්ස ධර්මපාලාරාමයේ  තැන්පත් කර තිබෙනවා. දැයේ පිනට පහළ වූ උත්තම සංඝ පීතෘ වරයෙකු වූ උන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය  ලබන 25 වනදා පැවැත්වීමට නියමිතයි.

1933 ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් උපත ලැබූවා. සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වශයෙන් උපත ලැබූ උන් වහන්සේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. උන් වහන්සේ 1948 වසරේ අගෝස්තු මස 17 වනදා ගලිකිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී සසුන් බිමට පැමිණියා. රත්මලාන පරමධම්ම චේතිය පිරිවනේ සහ කොළඹ මාලිගාකන්ද විද්යෝදය පිරිවනේ උසස් අධ්‍යාපනය හැදරූ උන් වහන්සේ සිංහල පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක ධර්මය පිළිබදව මනා දැනුමක් ලබාගත්තා.

ධර්මදූත කටයුතු වල යෙදෙමින් ශාසනයට සුවිසල් මෙහෙයක් ඉටුකළ කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ ගත් කතුවරයෙකු ලෙසද ධර්ම දැනුම ජනතාවට සමීප කරලීම සදහා සුවිශාල මෙහෙවරක් ඉටු කළා. මෛත්‍රී බුදු පියාණෝ, දෙලෝ දියුණුවට මග, කේතුමති රාජධානිය, පිරිනිවන් මංචකය, තථාගත ලක්ෂණ ආදිය උන් වහන්සේ අතින් ලියවුණු ජනප්‍රිය ධර්ම ග්‍රන්ථ අතර වනවා.  ගුවන් විදුලිය ඔස්සේ උන් වහන්සේ සිදුකළ ධර්ම දේශනා බෙහෙවින් ජනප්‍රිය වූ අතර උන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලිය ‌ෙබාහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා. උන් වහන්සේ ධර්ම ඥානයට හා සසුන් සේවයට කළ කැපවීමට උපහාර වශයෙන් 2007 වර්ෂයේදී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියද උන් වහන්සේට පිරි නමනවා. අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශ්වයන් එක්ව පිහිටුවන ලද අමරපුර නිකායේ උත්තරීතර මහ නායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන් පත් වන්නේ 2017 වසරේදීයි. කලක් රෝගාතුරව සිටි උන් වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේ පසුවුණා.

The post කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 25 වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG