අද උදෑසන වන විට කොරෝනා ආසාදිතයන් 272 නෙකු අලුතින් හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
අද උදෑසන වන විට අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි අයයි. ඉතිරි පුද්ගලයන් දේශීයව හදුනාගත් පිරිස් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
වැඩිම අසාදිතයන් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයින් 55 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 45 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 28 ක් වාර්තා වුණා.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තාවූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 87381 ක්. ඒ අතරින් 86745 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්තා වු කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 91561 ක්. මේ වන විට 2858 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. රෝගීන් සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 359 ක්.
මෙරට වාර්තා වූ කොරෝනා මරණ 558න් 346 ක් පිරිමි පුද්ගලයින් වන අතර 212 දෙනෙකු කාන්තාවන් වනවා. අලුතින් වාර්තා වූ මරණය ලෙස සටහන් වූයේ පසුගිය 25 වනදා මතුගම ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වීමෙන් මිය යාමයි. කළුතර දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 272ක් appeared first on ITN News.
Post a Comment