අද උදෑසන වනවිට අලුතින් කොරෝනා ආසාදිතයින් 356 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
මේ අතුරින් 335 දෙනෙකු දේශීයව හා 21 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු මෙන්ම රත්නපුරයෙන් 35 දෙනෙකු හදුනා ගැණුනා.
මේ අනුව මෙරටින් හදුනා ගත් සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 84,226 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 80,437 දෙනෙකු සුවය ලැබුවා. 3,305 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා බවට සැක සහිත රෝහල්වල පසුවන පිරිස 527 ක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
මියගිය කොරෝනා රෝගීන් 484 දෙනා අතුරින් වැඩිම පිරිස පිරිමි පුද්ගලයින් වනවා. එම සංඛ්‍යාව 304 ක්. කාන්තා මරණ 180 ක් සිදුවුණා.
ත්‍රිවිද හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක පුද්ගලයින් 9,903 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 10,786 ක් සිදුකර තිබෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 356ක් – කොළඹින් 104ක් appeared first on ITN News.
Post a Comment