ජපානයේ ෆුකුෂිමාහි ඇතිවූ භූ කම්පනය සහ සුනාමියේ 10 වන සංවත්සරය සැමරීමට ජපන් රජය කටයුතු කර තිබෙනවා.
2011 වසරේ මාර්තු මස ජපානයේ ෆුකුෂිමාහි ඇතිවූ භූ කම්පනයත් සමග ඇතිවූ සුනාමිය හේතුවෙන් විසි දහසකට අධික පිරිසක් මිය ගියා. ඒත් සමග ටෝකියෝ හි ප්‍රධාන පෙළේ න්‍යශ්ඨික බලාගාර 3 ක් ද පුපුරා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චර්නොබිල් න්‍යශ්ඨික බලාගාරය පුපුරා යාමෙන් අනතුරුව වාර්තා වූ බිහිසුණුම න්‍යෂ්ටික බලාගාර පිපුරුම ෆුකුෂිමාවෙන් වාර්තා වුණා. ෆුකුෂිමා න්‍යශ්ඨික බලාගාරය පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විටත් ජපානයේ ස්වභාවික ගෑස් නිධිවලටද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
The post ෆුකුෂිමා භූ කම්පනය සහ සුනාමියේ 10 වන සංවත්සරය සැමරේ appeared first on ITN News.
Post a Comment