Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියානු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාපති හමුවෙයි  

Add comments

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධූරියා (Rakesh Kumar Singh Bhadauria) මහතා  නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ඉන්දියානු ගුවන් හමුදාපතිතුමන්, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කළ අතර, සම්ප්‍රධායානුකූල නාවික හමුදා සම්මාන ආචාර මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාපතිතුමන් වෙත නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දීය ගුවන් ‍හමුදා ප්‍රධානි අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

The post ඉන්දියානු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG