බොලිවියාවේ සිදුවු බස් රථ අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර හේතුවෙන් 26 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. බොලිවියාවේ අධිවේගී මාර්ගයක ගමන් ගනිමින් සිටියදී බස් රථයේ පාලනය ගිලිහි යාම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. ඉන් අනතුරුව බස් රථය මීටර් 100 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි සදහන් වන්නේ. තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර විපතට පත්වූවන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වනවා.
The post බොලිවියාවේ සිදුවු බස් රථ අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment