වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළසිරුරේ හිස කොටස සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබෙනවා. සැකකරුගේ නිවස අවට ස්ථාන ගණනාවක් ඊයේ (05) දිනය තුළ පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.
විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ සිට බුත්තලට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු සිය නිවසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්ව ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
තරුණියගේ හිස සොයා කැළණි ගං ඉවුර දෙපස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
The post කුරුවිට තරුණියගේ හිස සෙවීමට කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් බුත්තලට appeared first on ITN News.
Post a Comment