පසුගිය කාලයේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව අතහැර දමා තිබූ පිත්තල කර්මාන්තය යළි නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.
සමස්ත ලංකා ලෝහ වාත්තු කර්මාන්තකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියාසිටියේ පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් රැකගැනීමට රජය කැපවීමෙන් ක්‍රියා කරන බවයි. ඒ සදහා බොහෝ දෙනාගේ සහාය අවශ්‍ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කෙරුණා. තඹ හා පිත්තල කර්මාන්තයේ බොහෝ දෙනෙකු නිරතව සිටිනවා. ඒ වෙනුවෙන්ම වෙන්වූ පාරම්පරික ගම්මාන ද පවතිනවා.
The post පිත්තල කර්මාන්තය යළි නගාසිටුවීමට වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment