බටහිර රටවල් කිහිපයක් චීනයට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා.
චීනයේ වෙසෙන සුළු ජාතීන්ගේ මානව හිමිකම් කඩවන බව පවසමිනුයි මෙලෙස සම්බාධක පනවා ඇත්තේ. යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා කැනඩාව එක්ව චීනයේ ප්රමුඛ පෙලේ නිලධාරීන් හතර දෙනෙකුට මෙලෙස සම්බාධක පනවා තිබෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමයේ නිලධාරීන් වෙත චීනය සම්බාධක පනවා ඇති බවට වාර්තා වනවා. චීනය තුළ මානව හිමිකම් කඩවන බවට පලවන චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි චීන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
The post බටහිර රටවල් කිහිපයක් චීනයට එරෙහිව සම්බාධක පනවයි appeared first on ITN News.
Post a Comment