ඉන්දීය අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා සහ ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩගලස් දේවානන්ද මහතා පවසනවා.
ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමගයි සාකච්ඡාව පැවැත්වුණේ. අපගේ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී වී එම් එස් යන්ත්‍ර නොමැති වීම හා විවිධ මත්ද්‍රව්‍ය චෝදනා මුල් කර ගනිමින් ඇතැම් අංශවල හිරිහැරයට ලක්වන බව යාත්‍රා හිමියන් පෙන්වා දුන්නා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඔ්ස්ට්‍රේලියාවෙන් ලැබෙන වී එම් යන්ත්‍ර 4200 ක් ධීවර යාත්‍රාවලට කඩිනමින් සවි කරන බවයි. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post ඉන්දීය අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා සහ ධීවරයින් කඩිනමින් නිදහස් කරගන්නවා appeared first on ITN News.
Post a Comment