Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුමති සම්මාන ගොන්නට රූපවාහිනී මහගෙදරින් නිර්දේශයන් ගොන්නක්  

Add comments

රූපවාහිනි මහ ගෙදර ලෙස සියලු දෙනාට ආදර්ශයක් වෙමින් තමන්ගේම ගමනක් ගිය ස්වාධීන රූපවාහිනිය සැමදා විශිෂ්ටයන් අතර විශිෂ්ටයා බවට පත්වුණා. හරසුන් මාධ්‍ය කලාව වෙනුවට ගුණාත්මක දෑ ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් දැනුවත් සමාජයක් ගොඩනැගීමට ස්වාධීන රූපවාහිනිය දැක්වූ මෙහෙය අතිමහත්.

රයිගම් ටෙලීස් උලෙළේදී අත්කරගත් විශිෂ්ටත්වය ඒ අයුරින්ම යළිත් වරක් තහවුරු කරමින් 25 වන සුමති සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් රැසක් අතරට එක්වීමට ස්වාධීන රූපවාහිනී නාට්‍ය මෙන්ම වැඩසටහන් රැසකට හැකිවී තිබෙනවා.

මහා වනස්පතියක් වූ ස්වාධීන රූපවාහිනියට මාධ්‍යයේ පෙර ගමන්කරු වන්නට සැමදා හැකිවුණේ නිවැරදි මෙන්ම ගුණාත්මක දේ ප්‍රේක්‍ෂක ජනතාව වෙත ලබා දීම හේතුවෙන්. ජනප්‍රිය රැල්ලට නතුවෙමින් ප්‍රේක්‍ෂක මනස ව්‍යාකූල කළ හරසුන් නාට්‍යයට තිත තැබීමට ස්වාධීන රූපවාහිනිය යෝධ පියවරක් තැබුවා. ජන මනස ප්‍රඥාවට රැගෙන යන එම ටෙලි නාට්‍ය සංස්කෘතිය ජනතාව වැළද ගත්තේ ස්වාධීන රූපවාහිනියේ නව ගමනට ද ශක්තියක් වෙමින්.

එය වඩාත් තහවුරු කරමින් තණමල්විල කොල්ලෙක් හා ගිරිදේවි යන නාට්‍ය රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වුණේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කාණ්ඩයට විශිෂ්ට නාට්‍ය එක් කිරීමේ ගෞරවය ද හිමිකර ගනිමින්. එමෙන්ම ගිරිදේවි නාට්‍ය වෙනුවෙන් ශලනි තාරකා හොදම හා ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම  හිමිකරගත්තේ ස්වාධීන රූපවාහිනි නව ගමනේ විශිෂ්ටත්වය තවදුරටත් පසක් කරමින්.

මෙවර 25 වන සුමති සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරට එක්වීමට ද ස්වාධීන රූපවාහිනී නාට්‍ය හා වැඩසටහන් රැසකට හැකි වී තිබෙනවා. වසරේ ජනප්‍රිය ටෙලි නාට්‍ය 10 අතරට තාදි , සත්‍යා , තණමල්විල කොල්ලෙක්, ඉන්ටර්නැෂනල් හා බ්‍රෝ යන නාට්‍ය පහක්ම එක්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම සංගීත මෙන්ම කාලීන වැඩසටහන් රැසක් ද මෙවර සුමති සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙනවා. හොදම පූරක ලෙස ඉන්ද්‍රසිරි සුරවීර නිර්දේශිත නාම අතරට ඇතුළත්. හොඳම සංගීත වැඩසටහන ලෙස ජනජීව වේහැල්ල නිර්මාණය කළ එකොස්ටිකා අන්ලිමිටඩ් එක්ව තිබෙනවා. චන්දිමා ප්‍රේමරත්න නිෂ්පාදනය කළ ආර්ට් ෆෝ යූ හොදම සඟරාමය වැඩසටහන ලෙස නිර්දේශ නාම අතර වනවා. හොඳම කාලීන වැඩසටහන අතරට දුශාන්ත දර්ශන හා වරුණ ලක්මාල් එක්ව නිෂ්පාදනය කළ විල්පත්තු වාදය වැඩසටහන නිර්දේශ වී තිබෙනවා.  ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ හඩා වැටුණු විසිඑක වැඩසටහනද නිර්දේශ වී තිබෙන්නේ හොඳම කාලීන වැඩසටහන යන නිර්දේශ නාම කාණ්ඩයටයි. මෙවන් ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් විශිෂ්ට නිර්මාණයන් ජනප්‍රියතලයට රැගෙන ඒමට අප සමඟ රැඳී සිටි ප්‍රේක්‍ෂක ජනතාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රණාමය හිමිවනවා. තවදුරටත් ගුණාත්මක නිර්මාණ ප්‍රේක්‍ෂක ඔබ වෙනුවෙන් රැගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය සූදානම්.

 

 

 

 

 

 

The post සුමති සම්මාන ගොන්නට රූපවාහිනී මහගෙදරින් නිර්දේශයන් ගොන්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG