Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජර් ජනාධිපතිධූරය මොහාමඩ් බසොවුම්‌ට හිමිවිය යුතු බව එරට උපරිමාධිකරණය තීරණය කරයි  

Add comments

නයිජර් රාජ්‍යයේ ජනාධිපතිධූරය සඳහා පත්විය යුත්තේ මොහාමඩ් බසොවුම් බව එර‌ට උපරිමාධිකරණය තීරණය කර තිබෙනවා.

පසුගිය මස පැවති ජනාධිපතිවරණයේ දී බසොවුම් ජයග්‍රහණය කළද බලයේ සිටි ජනාධිපති මුහම්මදු ඉසෝපු එය පිළිගැනීමට කැමති වූයේ  නැහැ. ඒ අනුව අධිකරණ ක්‍රියාවලියක් දක්වා යොමුවීමට ප්‍රධාන දේශපාලන පක්ෂ කටයුතු කළා. අධිකරණයේ තීන්දුවත් සමඟ ලබන මස දෙවනදා බසොවුම් ජනාධිපතිධූරයෙහි දිවුරුම් දීමට නියමිතයි. නයිජර් රාජ්‍යයේ බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ ජනාධිපතිවරයෙකු අතින් තවත් ජනාධිපතිවරයෙකු අත හුවමාරු වන ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වනවා. මීට පෙර බොහෝ අවස්ථාවලදී හමුදා කුමන්ත්‍රණ මගින් බලය ඇල්ලීම සිදුවුණා.

 

The post නයිජර් ජනාධිපතිධූරය මොහාමඩ් බසොවුම්‌ට හිමිවිය යුතු බව එරට උපරිමාධිකරණය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG