Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරයි  

Add comments

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මේ බව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.

දේශපාලන පළිගැනීම් පිලිබද සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් ගොනුකළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද කැදවූවා. එම අවස්ථාවේයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් මෙම දැනුම්දීම සිදු කළේ. මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවයි.

මෙම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සදහා නීතිපතිවරයාට අල්ලස් කොමිසමට සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළා. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද මෙම කරුණම තහවුරු කළා. අනතුරුව පෙත්සම සලකා බැලීම සදහා මැයි මස 12 වනදා කැදවීමට නියම කෙරුණා.

 

 

The post ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG