පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති නිසි ආකාරයෙන් පිළිපැදීම තුළින් යළිත් වරක් රට වසා දැමීම වලකා ගත හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.
කොරෝනා වයිරසයට එරෙහි එන්නත අඛණ්ඩව ලබාදීම තුළින් ද වයිරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බවටයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ. කෙසේ වුවද තත්ත්වය පාලනය කිරීමට මේ වනතෙක් ජනතාවගෙන් ලැබුණු සහයෝගය හා කැපකිරීම තවදුරටත් අත්‍යවශ්‍ය බවයි ඔහු මාධ්‍ය හමුවේ තවදුරටත් පවසා සිටියේ. පනවා තිබූ නිරෝධායන නීති ඊයේ දිනයේ සිට ලිහිල් කෙරුණු අතර මාස තුනකට පසු පළමු වරට නිවසෙන් පිටතදී පුද්ගලයින් හය දෙනෙකුට එකවර රැස්වීමට අවසර හිමි වූවා. පසුගිය දින 28 ක කාලය තුළදී එරටින් ආසාදිතයින් 4654 දෙනෙකු හා මරණ 23 ක් පමණක් සිදුව තිබෙනවා.
The post රට වසා දැමීම වලකා ගත හැක්කේ සෞඛ්‍ය නීති නිසි පිළිපැදීමෙන් පමණයි appeared first on ITN News.
Post a Comment