චීන රජයට වැඩි බලයක් හිමිවන අයුරින් හොංකොං රාජ්‍යය වෙනුවෙන් සම්පාදිත නව මැතිවරණ නීති හෙට දිනයේ දී සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම නව නීති මගින් චීනයට හොංකොං රාජ්‍ය තුළ පවත්නා අධිකාරි බලය තවදුරටත් ඉහළ යන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කලාපය තුළ චීනයේ බලය තවදුරටත් තහවුරු කර ගැනීම එමගින් සිදුවන බව ඔවුන් තවදුරටත් සදහන් කරනවා. හොංකොං රාජ්‍ය තුළ පවත්නා ප්රජාතන්ත්රවාදය මේ සමග අවසන් වන බවටයි ඔවුන් අනතුරු අගවන්නේ. නව නීති අනුව එරට පාර්ලිමේන්තුවට තේරීපත්වන ඔ්නෑම මන්ත්‍රීවරයෙක් චීනයට පක්ෂපාතිත්වය දැක්විය යුතු වනවා. පසුගිය වසරේ දී චීනය හදුන්වා දුන් උදර්පන නීතිය හේතුවෙන් හොංකොං රාජ්‍යයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ද හට ගත්තා.
The post හොංකොං රාජ්‍යයේ නව මැතිවරණ නීති සම්මත කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.
Post a Comment