සමාගම් 3ක් මගින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොග හේතුවෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ එම පොලතෙල්වල ඇෆ්ලටොක්සින්ස් නමැති පිළිකා කාරකය අඩංගු බවට පරික්‍ෂණවලින් තහවුරු වීමත් සමඟයි.
අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල් හා කටාන රිෆයිනරීස් යන සමාගම් 3 යි මෙම තෙල් තොග මෙරටට ආනයනය කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය කළ පළමු හා දෙවන පරික්‍ෂණවලින් තහවුරු වුණේ මෙම පොල්තෙල් තොගවල ඇෆ්ලටොක්සින්ස් නමැති පිළිකා කාරකය අඩංගු බවයි. ඒ හේතුවෙන් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ ලබා දී තිබුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය පොල්තෙල්වල මෙම පිළිකා කාරකය ඇති බවට තහවුරු කර තිබියදීත් පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්‍ෂ අසූ තුන්දහසක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කර ඇති බවට පාර්ශ්ව කිහිපයක් පසුගියදා චෝදනා එල්ල කළා. කෙසේ වෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්ත්ව පරීක්‍ෂණ වාර්තා ලැබෙන තුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් බවයි. පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන තුරු සමාගම්වලට අයත් ගබඩාවලට මුද්‍රා තැබීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තා. එමෙන්ම පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීමට වෙළෙඳසල්වල ඇති පොල්තෙල් සාම්පල ලබා ගැනීමට එම අධිකාරිය කටයුතු කළා. මෙම පසුබිම හමුවේයි පොල්තෙල් සම්බන්ධයෙන් දෙවන පරික්‍ෂාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදු කළේ. එම පරික්‍ෂාවේදී ද තහවුරු වී තිබෙන්නේ මෙම පොල්තෙල් තොගවල ඇෆ්ලටොක්සින්ස් නමැති පිළිකා කාරකය අඩංගු බවයි. ඒ අනුව පොල්තෙල් තොග සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අදාළ වාර්තා රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත යොමුකර තිබෙනවා. මෙම පොල්තෙල් තොග සියල්ල ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කළ බව රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා.
The post රටින් ගෙනා පිලිකා කාරක පොල්තෙල් තොග එවපු රටටම හරවා යවයි appeared first on ITN News.
Post a Comment