ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධ නඩුවෙදි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම ලබන මස 23 වනදා තෙක් ලිහිල් කිරීමට නියෝග කෙරුණා. ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසුවේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සදහා විදේශ ගත වීමට අවශ්‍යව තිබෙන බැවින් විදෙස් ගමන් තහනම මීළග නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසයි. එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විරෝධය පළ කළේ නැහැ. රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත විදෙස් ගමන් බලපත්‍රය සේනාධිපති මහතා වෙත නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කළා. මේ අතර වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ රජයේ ආයතන සිදු කරන වැරදි සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ විමසීමකින් තොරව සෘජුව නඩු පැවරීමෙන් වළකින ලෙස ඉල්ලමින් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වනජීවී හා වනසංරක්ෂණ නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමත් ඉදිරිපත් කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. අදාළ නියෝගය නීතියට පටහැනි බව තීන්දු කර එය බල රහිත කරන ලෙසයි රීට් පෙත්සම මගින් එම කේන්ද්‍රය ඉල්ලා ඇත්තේ.
The post නිශ්ශංක සේනාධිපතිට පනවා තිබුණු විදෙස් ගමන් තහනම ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment