පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළ බවට අත්අඩංගුවට ගත් එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 34 දෙනා සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදුකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන උදාර සම්පත් හා බඩෝවිට ලොකූ යන පුද්ගලයන් දෙදෙනා විදේශයන්ට පලාගොස් සිටින බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් යොමුකර තිබෙන බව ද සදහන් කෙරුණා.
The post මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන් දෙදෙනෙකු විදේශයන්ට පලා යයි appeared first on ITN News.
Post a Comment