Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ජල දිනය අදයි  

Add comments

ලෝක ජල දිනය අදයි. ලෝක ජල දිනයට සමගාමී ලෙස  වැඩසටහන් මාලාවක් රටේ විවිධ ස්ථානවලදී අද පැවැත්වුණා.

1992 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධනය පිළිබද සම්මේලනයේදී ලෝක ජල දිනයට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරුණා. 1993 වසරේ මාර්තු මස 22 වනදා සිට සෑම වසරකම මාර්තු මස 22 වනදා ලෝක ජල දිනය සැමරීම සිදුවනවා. මේ වනවිට ලොව පුරා මිලියන 2200 කට වැඩි ජනතාවක් පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩා විදිනවා. මිනිසාට ජලයේ ඇති වටිනාකම යන තේමාව යටතේයි මෙවර ජල දිනය සැමරීම සිදුවන්නේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුවද 2030 වසර වන විට සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම අරමුණක් වී තිබෙනවා.

 

 

 

 

The post ලෝක ජල දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG