Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නිසා ලොවේම දරුවන් කෝටි හතකට අකුරු අමතක වෙයි  

Add comments

වෙනකොට ලොව පුරා දරුවන් මිලියන 70 කට විතර යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාවක් නැති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වෙයි.

වයස අවුරුදු 10 සීමාවේ පසුවන දරුවන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් මෙයට මුහුණ දී  ඇති බව එම වාර්තාවේ සදහන්. ලෝක බැංකුව, යුනෙස්කෝ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සිදුකළ සමීක්ෂණයෙනුයි මේ බව හෙළිව ඇත්තේ. ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමග පාසල් වසා දැමීම මෙයට ප්‍රධානම හේතුව වී තිබෙනවා. ඒ හේතුවෙන් සමස්ත ළමුන් සංඛ්‍යාවෙන් සියයට දාහතක් මෙම ව්‍යවසනයට ගොදුරු වී ඇති බවයි එහි තවදුරටත් සදහන් වන්නේ. ලොව පුරා රටවල් 188 ක දරුවන් බිලියන එකයි දශම හතක සංඛ්‍යාවකගේ අධ්‍යාපන කටයුතු විස්සයි විස්ස වසරේදී ඇණහිට ඇති බව එම වාර්තාවේ තවදුරටත් සදහන් වනවා.

The post කොරෝනා නිසා ලොවේම දරුවන් කෝටි හතකට අකුරු අමතක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG