බංග්ලාදේශයේ පැවති උද්ගෝෂණයකට සහභාගි වුනු පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බංග්ලාදේශ සංචාරයට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ එරට විශ්වවිද්‍යාල සිසුන් සහ සමාජ ක්‍රියාකාරීන්. උද්ඝෝෂණ ව්‍යාපාර සදහා සිය ගණනක පිරිසක් එක්ව සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
අග්‍රාමාත්‍ය මෝදිට විරෝධය පල කරමින් පැවති උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමත් සමගම එරට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුව නැහැ. ඉස්ලාම් ආගමික කණ්ඩායම්හි ප්‍රචන්ඩකාරී හැසිරීම මෙයට මූලික වී ඇති බව පොලිසිය සදහන් කරනවා.
The post මෝදිව එපා කියා මැරුණු අය appeared first on ITN News.
Post a Comment