පසුගිය පැය 24 තුළ බස්නාහිර පලාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 560 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් සමඟ පුද්ගලයින් 246ක් , ගංජා සමඟ පුද්ගලයින් 137ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 126ක්.
ඊයේ (18) පස්වරු 7.00 සිට රාති‍්‍ර 9.00 දක්වා සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදි සැකකරුවන් 401 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබි හෙරොයින් සහ ගංජා සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
බස් නැවතුම්පල , දුම්රිය ස්ථාන සහ සුසාන භූමි ආශි‍්‍රත එම වැටලීම සිදුකළා. පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප‍්‍රකාශ කළේ.
The post බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 560ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment