Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසරය වනසන්නන් අල්ලන්න පොලිස් ඇමති සරත් ගුවනට යයි  

Add comments

පරිසරය වනසන අය හදුනාගන්න ආරක්ෂක අංශවල සහාය ඇතිව ගුවනේ සිට නිරීක්ෂණය කරන බව පොලිසිය භාර අමාත්‍යවරයා පවසනවා.  මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිටින්නේ පරිසරය සුරකින නියමුවන් පිරිසක් නිසා වනාන්තර වගේම තෙත්බිම් රැකගන්න ඔවුන් හැමදාම ක්‍රියාකර ඇති බව වාරිමාර්ග ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

කොළොන්නාව ගොවිජන බලප්‍රදේශයේ පුරන්කුඹුරු අක්කර 10ක් අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ එදා පරිසරය විනාශ කළ අය අද තමන්ගේ පෞද්ගලික ඉඩම්වල ගස් කැපීමටත් විරුද්ධවන බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක නිලධාරීන් 193 දෙනෙකු හා යාන්ත්‍රික තාක්ෂණ සහායක නිලධාරීන් 4 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය සිරිපාලගම්ලත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

මේ අතර යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම ලෝක උරුම කමිටුව ඇතුලු අදාල ජාතික හා ජාත්‍යන්තර ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහතික කරනවා. සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීම පිළිබද ඇතැමුන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙනයමින් පවතිනවා. ව්‍යාපෘතිය පිළිබද නිවේදනයක් නිකුත් කරන වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ ගිං සහ නිල්වලා ගංගාවලින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සියයට 80 ක පමණ ජල ධාරිතාවක් මුහුදට ගලා යන බවයි.

එය ප්‍රයෝජනයට ගැනීම සදහා පළමු යෝජනාව ඉංග්‍රීසින්ගේ යුගයේදී එනම් 1887 වසරේදී නිල්වලා ගගේ ශාඛාවක් හම්බන්තොටට හැරවීම යනුවෙන් බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර තිබෙනවා. මීට පසුව අවස්ථා කිහිපයකදීම විවිධ යෝජනා ඉදිරිපත් වුණා. 2009 වසරේදී කළ සැලැස්මට අනුව ඉහත ගංගා දෙකේ ජලය මෙරට ගිණිකොන දිග වියළි කලාපයට රැගෙන යාම සදහා ජලාශ  3ක් ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අතුරින් එකක් වන්නේ සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීමයි.

සිංහරාජය 1988 වසරේ සිට ලෝක උරුමයක් වන බැවින් මෙවැනි සංවර්ධන කාර්යයන්හිදී ලෝක උරුම කමිටුවෙන්ද අනුමැතිය ලබා ගත යුතු වනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන්. වසරකට‌ වරක් ලෝක උරුම කමිටුව රැස්වන බැවින් මීළග කමිටු රැස්වීමේදී අදාල යෝජනාව සාකච්ඡාවට ගනු ඇති බවයි වාරිමාර්ග ආමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ. ඒ අනුව මාදුගැට ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊට අවශ්‍ය සෑම අංශයකින්ම අනුමැතිය ලැබීමෙන් පසුව බව ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

The post පරිසරය වනසන්නන් අල්ලන්න පොලිස් ඇමති සරත් ගුවනට යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG