Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසරේ අභියෝග සහ අවදානම් තත්වය චීන ආර්ථිකයට ගැටලුවක් නැහැ  

Add comments

මෙම වසරේ දී චීන සංවර්ධනය අභියෝග හා අවදානම් රැසකට මුහුණ දුන්න ද චීන ආර්ථිකයේ දිගුකාලීන යහපත් මූලික තත්ත්වය වෙනස් නොවනු ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි.

චීන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අපේක්ෂිත අනුපාතය සියයට 6කට වැඩි වනු ඇතැයි ලී ක ච්‍යං මහතා කියා සිටියේ අද ආරම්භ වූ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේදී චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද (05) බෙයිජිංහිදී ආරම්භ වූ අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ සහ මහජන නියෝජිතයෝ 3000 දෙනෙක් පමණ ඊට එක් ව සිටිති.

මෙම වසරේ අපේක්ෂිත ඉලක්කය සියයට 6කට වැඩි අනුපාතය නියම කිරී‍මේදී, ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ තත්ත්වය සලකා බලා ඇත. ඉන් විවිධ ක්ෂේත්‍ර බලය එක්රැස් කර ප්‍රතිසංස්කරණය, නිර්මාණශීලිත්වය හා අධික ගුණාත්මක භාවයෙන් යුත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපාකරී වේ.

 

The post මේ වසරේ අභියෝග සහ අවදානම් තත්වය චීන ආර්ථිකයට ගැටලුවක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG