මියන්මාරයේ හමුදා රජයට එරෙහි විරෝධතාකරුවන්ගේ හිසට වෙඩි තබන බවට එරට මිලිටරි ජුන්ටාව අනතුරු අගවා තිබෙනවා.
අදට යෙදී තිබෙන මියන්මාර හමුදා දිනයේදී විරෝධතාවල නිරත නොවන ලෙස එරට ජනතාවට දැනුම් දෙමින් මියන්මාර රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මෙම අනතුරු ඇගවීම සිදු කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාර හමුදාව එරට ප්රජාතාන්ත්රවාදී රජය පෙරළා දමා බලය පැහැර ගැනීමෙන් පසු සිදුකළ වෙඩි තැබීම්වලින් මිය ගිය සංඛ්‍යාව 320 කට අධික බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මීට දින දෙකකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචීගේ දේශපාලන මූලස්ථානයටද ප්‍රහාර එල්ල කිරීමට හමුදා රජය කටයුතු කර තිබෙනවා.
The post මියන්මාර විරෝධතාකරුවන්ගේ හිසට වෙඩි තබන බවට එරට හමුදා රජය අනතුරු අගවයි appeared first on ITN News.
Post a Comment