ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුරකිමු ගංඟා වැඩසටහන මැණික් නදිය අසළ ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී අද ආරම්භ වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා. සුරකිමු ගංඟා ජාතික පරිසර වැඩසටහන යටතේ මෙරට ගංගා සහ ඒ ආශ්‍රිත පරිසරය සංරක්ෂණය කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ගංඟා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ් දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නවවැන්න ලෙස මෙය ක්‍රියාත්මකයි.
දිය දෝතක් බීමට හැකි ලෙස ගංගාවන් පිරිසිදු කිරීම සුරකිමු ගංඟා වැඩසටහන යටතේ අපේක්ෂා කෙරෙනවා. ගංගා ජලයට කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම හෝටල් ව්‍යාපාරික හා නිවාස ආදියෙන් කැළි කසළ ආදිය එක්වීම නැවැත්වීම මෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය එක්වීම වැලැක්වීමටද මෙහිදී සැලසුම් සකස් කර තිබෙනවා. අවිධිමත්ව සිදුවන වැලි කැණීම් නැවැත්වීම සහ ඉවුරු සංරක්ෂණය , ජල පෝෂක ප්‍ර දේශ සංරක්ෂණය සහ පාංශු ඛාදනය අවම කිරීම සඳහා මෙහිදී කටයුතු කෙරෙනවා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම ආකාරයෙන් සම්බන්ධීකරණය කරමින් පරිසර සංරක්ෂණ නීති රීති හා රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. අද දිනට යෙදී ඇති ලෝක ජල දිනයට සමගාමීවයි සුරකිමු ගංඟා ප්‍රධාන වැඩසටහන මැණික් නදිය අසලින් ආරම්භ කෙරුණේ.
ඊට අමතරව බස්නාහිර පළාතේ පහළ හංවැල්ල , මධ්‍යම පළාතේ ගන්නොරුව , දකුණු පළාතේ අම්බලන්තොට පාලම , සබරගමුව පළාතේ සමන් දේවාලය , වයඹ පළාතේ බිංගිරිය , උතුරුමැද පළාතේ මල්වතු ඔය , නැගෙනහිර පළාතේ ගල් ඔය සහ උතුරු පළාතේ කනගරායන් ආරු සුරකිමු ගංඟා වැඩසටහන් පළාත් මට්ටමින් ආරම්භ කෙරුණා.
The post ‘සුරකිමු ගංඟා’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment