Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවයි  

Add comments

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු වාර්තා වුණා. ඒ අතුරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව මෙරටට පැමිණි පුද්ගලයින්. ඉතිරි පුද්ගලයින් 342 දේශියව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වනවා. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58 දෙනකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 70 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් හඳුනාගත් බවයි කෝවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90200ක්. පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86759ක්.

ශ්‍රී ලංකාවේ සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට චීනය පසුකර ගොස් තිබෙනවා.ලොව මුලින්ම කොරෝනා වයිරසය වාර්තා වූ චීනයේ මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 90,106ක් ලෙසයි දැක්වෙන්නේ. එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,636ක්.

 

 

 

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG