Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි  

Add comments

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි. 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජගත් මහා මණ්ඩලය මාර්තු  21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ අනුව 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනවා. විවිධ පරිසර පද්ධතීන්, වනාන්තර වල ඇති වටිනාකම පිලිබද ලොව පුරා ජනතාවගේ අවධානය යොමු වෙලා.

මිනිසාට ජීවත්වීමට පරිසරයේ අවශ්‍යතාව වගේම පරිසරය ද රැක ගනිමින් මිනිසා ද ජීවත් විය යුතුමයි. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ පරිසරයට සිදු වන හානි පිළිබද  සමස්ත ලෝකවාසීන්ගේම දැඩි කතාබහට ලක් වෙනවා. පරිසරය සුරැකීම අපේ වගකීමක්.  එය කෙසේ වුවත් පරිසරයට ආදරේ යැයි කියා ගන්නා ඇතැම්  සංවිධාන සැබැවින්ම පරිසර හිතකාමීන්දැයි මේ වන විට ගැටලුවක්.

සමාජ මාධ්‍ය තුළ පරිසරය පිළිබද හඩක් නගනවා යැයි පෙන්වමින් කටයුතු කරන බෙහෝ පිරිස් හුදෙක් තමන්ගේ පරිසර හිතකාමීත්වය සමාජ මාධ්‍ය තුළට පමණක් සීමා කර තිබීම හාස්‍යයට කරුණක්. පරිසරය ගැන ඉහළින් කතා කරන ඔවුන් පරිසරයට හෝ සමාජයට කිසිවක් නොකරන බව ඔප්පු කර හමාරයි. සතා සිව්පාවා තම මිතුරන් සේ සැලකූ පැරැන්නන් එය ආදරයෙන් රැක බලාගත්තේ සැබෑ ලෙංගතුකමෙන්. එහෙත් ගසක කපා හෙලූ කදක් මත හිදගෙන බොහෝ දෙනෙක් අද ෆේස් බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් හරහා පමණක් පරිසර හිතකාමීන් වීම ඛේදනීය තත්ත්වයක්.

අපේ රටෙත් පසුගිය දින කිහිපය පුරාම පරිසරය ගැන කතාබහට ලක් වුණ  දරුවන්ව දඩමිම්මා කරගෙන තමන්ගේ පටුදේශපාල අරමුණු ඉටුකරගන්න වෑයම් කරනා දේශපාලකයන් පරිසර හිතකාමීන් යැයි කියනා පිරිස් සැබෑවටම පරිසරය ගැන හිතුවා නම් අපේ රටේ කුණු කදු නායහිගින් මිනිසුන් එයට බිල්ලක් වන්නේ නැහැ. විල්පත්තු වැනි වන සංහාර සිදු වන්නේ ද නැහැ. බොන්නට වතුර උගුරක් නොමැතිව කිලෝමීටර් ගණනක් ගිනි අව්වේ ගාටන මිනිසුන්ට වන අලින්ගෙන් ජීවිත බේරාදෙන ලෙස රැයවල් ගණන් දෙවියන් යදින මිනිසුන්ට, හේන් ගොවිතැන් විනාශ වී සාගින්නෙන් පෙලෙන මිනිසුන්ට, ලෙඩක් දුකක් හැදී පණ බේරාගන්න අඩි පාරවල් සොයා මරුවා සමග ගමන් යන මිනිසුන්ට, පරිසර පාඩම් උගන්වන්නේ උඹට කුමක් වුවත් කම් නැත පරිසරයම පමණක් රැකපල්ලා කියමිනි.

රටට සංවර්ධනය වගේම සුන්දරත්වය ගේන්න එදා මෙන්ම අදත් වත්මන් ජනාධිපතිතුමා අමතක කළේ නැහැ.නමුත් ගොඩක් අයට එය අමතක වී ගොහින්. උද්‍යාන, ඇවිදන මංතීරු, මාර්ග දෙපස ගස් සිටුවමින්  නිසි ලෙස කසල බැහැරකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ පරිසරයට ආදරය කරන බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින්. පාරවල්වල බෝක්කුවල පොස්ටර් ගැසීම තහනම් කළේ පරිසර හිතකාමීත්වය අගය කරන නිසාවෙන්මයි. පටු දේශපාලන අරමුණු උදෙසා   පරිසරය රැකගැනීමේ මුවාවෙන් පෝස්ටර් ගහන්න, පෝස්ටර් ගලවන්නත් මෙන්ම හඩ නගන්නත් ඇතැමුන් කටයුතු කිරීම නිර්ලැජ්ජිතයි. නගරයේ සිට පෝස්ටර් අදින බොහෝ පිරිස් දුෂ්කර ගම්මානයක මිනිසුන්ගේ දුක හදුනන්නෙහිද?.ඔවුන්ටත් ජීවත්වීමට අයිතියක් ඇත. ජීවත්වීමට නිවහනක් අවැසිය. වටුමට ඒමට පාරක් අවැසිය. අපි පරිසරය රැකගනිමු. කුහකත්වයෙන් මිදී.සැබැ පරිසර හිතකාමීන් වෙමු.

 

 

 

 

 

The post ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG