සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සදහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත්කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුනා. පෙත්සම අද කැදවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අදාළ ලිඛිත දේශන ගොනුකළ බවයි. පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතාට සිරදඩුවම් නියම වූ තීන්දුව ප්‍රකාශයට පත්වී අප්‍රේල් මස 8 වනදාට මාස තුනක කාලයක් සම්පූර්ණ වන බැවින් ඊට පෙර මෙම තීන්දුව ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
The post රන්ජන්ගේ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලේ appeared first on ITN News.
Post a Comment