Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්පාර පැරෂුට් අනතුර ගැන සොයාබැලීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්  

Add comments

අම්පාරේදී සිදුකළ පැරෂුට් පුහුණුවීම් අතරතුරදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි.

අනතුරට හේතුව කරුණු පිළිබඳ විමසා බැලීම මෙම කමිටුවෙන් සිදු කිරීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.

අද පෙරවරුවේ අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් අතරතුරදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරින් වල කරනායක තනතුරේ සිටි ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තවත් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සැරයන්වරයා අම්පාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළා.

ඡායාරූපය : පුස්තකාල ඡායාරූප

The post අම්පාර පැරෂුට් අනතුර ගැන සොයාබැලීමට විශේෂ පරීක්ෂණ කමිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG