තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම ලබා දී තිබෙන නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති කොමිසමේ හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් නම් කර තිබෙනවා. එමෙන්ම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තීරණද බල රහිත කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලීම් කර ඇත්තේ. මේ අතර තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරිම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සදහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා.
The post අනුර කුමාරගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් appeared first on ITN News.
Post a Comment