මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත ගත කිරීමට අධිකරණය නියෝග කළා.
රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් ලබාදුන් නියෝගයකට අනුවයි. රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම්වලට අදාළ කරුණු ඊයේ ඉදිරිපත් කෙරුණා. ඒ අනුවයි වැඩිදුර නඩු විභාගය ලබන 30 වනදාට කල් තැබිමට මහාධිකරණය නියෝග කළේ.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් මේ වන විට විදෙස්ගතව සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. පර්පෙචුවෙල් ටෙසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, රන්ජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, මෙන්ම ශ්‍රී ලංකා මහබැංකු නිලධාරීන් වන එස් පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර යන පිරිස මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වනවා.
The post රවී ඇතුලු 7 දෙනා 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.
Post a Comment