කොළොම්බියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.
ධාරානිපාත වර්ෂාවත් සමඟ ගංවතුර හා නායයාම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. නිවාස 185 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව කොළොම්බියාවේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. රථවාහන දහයක් පමණ ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති අතර මහ මාර්ග රැසක්ද විනාශයට පත්ව ඇති අයුරු එරට මාධ්‍ය වාර්තා කර සිටියා. කෙසේ වුවද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැහැ.
The post කොළොම්බියාවේ ගංවතුර හේතුවෙන් නිවාස රැසකට හානි appeared first on ITN News.
Post a Comment