දශක හයකට පමණ පසු ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් සිඩ්නි නගර වැසියන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඔ්ස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍ර දේශ මීටරයක් පමණ ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. නිවාස හා මහා මාර්ග සම්පූර්ණයෙන් ජලයෙන් යටව ඇති ආකාරය එරට මාධ්‍ය වාර්තා කර සිටියා. ඉදිරි දින කිහිපය තුළද අධික වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පුද්ගලයින් දහ අට දහසක් පමණ ගංවතුර හේතුවෙන් අවතැන් භාවට පත්ව ඇති බව සදහන්. කෙසේ වුවද මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.
The post ගංවතුර හේතුවෙන් සිඩ්නි නගර වැසියන් දැඩි පීඩාවට appeared first on ITN News.
Post a Comment