Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සාලියපුර දී ඇරඹේ  

Add comments

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ  ‘Shake Hands – 1’ යුද අභ්‍යාසය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මේ වන විට පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වේ.

පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙති.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල මහතාගේ උපදෙස් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands – 1’ සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් සංජීව ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න මහතා කටයුතු කරයි.

The post පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සාලියපුර දී ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG