Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නලින් බණ්ඩාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් CID පරීක්ෂණ  

Add comments

නලින් බණ්ඩාර පාර්ලිලමේන්තු මන්ත්‍රීවරයා රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව බුද්ධි අංශ ප්‍රධානියා සීඅයිඩීයට කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් අද ප්‍රකාශ ලබාදීමට කටයුතු කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේස් සලෙයි මහතා සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍යයට  ප්‍රකාශයක් කර තිබුණා. අදාල ප්‍රකාශයෙන් තමාට හා තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් මේ සම්බන්ධයෙන් සුරේස් සලේ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

නලීන් බණ්ඩාර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේස් සලෙයි මහතා අද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

The post නලින් බණ්ඩාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් CID පරීක්ෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG