ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන ගම සමඟ පිලිසදර 13 වන වැඩසටහන අද (06) පැවැත්වෙනවා. ඒ ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේරගල ග‍්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින්.
මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප‍්‍රධානීන් ඊට එක්වීමටයි නියමිත. ජනතා ගැටලු හදුනාගෙන ඔවුන්ගේම අදහස් හා යෝජනා පදනම් කරගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමයි වැඩසටහනේ අරමුණ.
පෙරවරුවේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේ.
මීටපෙර ජනාධිපති ගම සමඟ පිලිසදර වැඩසටහන මාතලේ, අම්පාර, කලුතර, පොළොන්නරුව ඇතුලු දිස්ති‍්‍රක්ක ගණනාවක තෝරාගත් දුෂ්කර ගම්මාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
The post ජනපති ගම සමඟ පිලිසඳර අද ගිරිබාවේ දී appeared first on ITN News.
Post a Comment