2019 වසරට සාපේක්ෂව ලොව පුරා ආහාර නාස්තිය 22%කින් පහළ බැස ඇති බව බ්‍රිතාන්‍ය සිදුකළ අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අපද්‍රව්‍ය හා සම්පත් පිළිබඳ ක්‍රියාකාරී වැඩසටහන සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වුණා. කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ මිනිසුන් නිවෙස් තුළ ආහාර කළමනාකරණය කිරීමට සහ වඩාත් අරපිරිමැස්මෙන් ආහාර භාවිතයට හුරුවීම ඊට හේතුවී තිබෙනවා. නමුත් වසංගත තත්ත්වය පහව යාමත් සමඟ ලොව පුරා ආහාර නාස්තිය ඉහළ යනු ඇති බවද පර්යේෂකයින් පෙන්වා දෙනවා.එක්සත් ජාතීන්ගේ පරිසරික වැඩසටහනේ ආහාර අපද්‍රව්‍ය දර්ශකයේ ගෝලීය වාර්තාවට අනුව සෑම වසරකම ලොව පුරා ඉවත දැමෙන ආහාර ප්‍රමාණය ටොන් මිලියන 900ක් බවයි සඳහන් වන්නේ.
The post 2019 ට සාපේක්ෂව ලොව පුරා ආහාර නාස්තිය 22%කින් පහළ බසී appeared first on ITN News.
Post a Comment