Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය බන්ධනාගාරය තුළ රැදවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකයි – රාජ්‍ය ඇමති ලොහාන්  

Add comments

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ විශේෂ බන්ධනාගාර නිරීක්ෂණ චාරිකා වල ඉදිරි පියවරක් ලෙස ඊයේ (17) දින යාපනය බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ යාපනය බන්ධනාගාරය තුළ රැඳවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදු කරනු ලැබූ බවත් ඉදිරියේදී දිවයිනේ සෑම බන්ධනාගාරයකදීම විවිධ නඩු හා වැරදි අනුව රැඳවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය යාපනය බන්ධනාගාරයේ ක්‍රමයට අනුව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට උපදෙස් දී ඇති බවයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් හමු වූ දුරකතනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේද යන්න තමා නොදන්නා බවත් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සී.අයි.ඩී වෙත භාර දී ඇති බවත් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

තවද යාපනය බන්ධනාගාරය ඵලදායී බන්ධනාගාරයක් ලෙසට පවත්වා ගෙන යන නිලධාරීන් හට අමාත්‍යවරයාගේ විශේෂ ස්තූතියද පිරිනමා ඇත.

The post යාපනය බන්ධනාගාරය තුළ රැදවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකයි – රාජ්‍ය ඇමති ලොහාන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG