අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ශරීරයෙන් ලබා ගත් ඩී එන් ඒ සාම්පල ඔහුගේ මවගේ ඩී එන් ඒ සාම්පල සමග ගැළපෙන බව හෙළි වෙලා තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දේහය පිළිබද අවසන් කටයුතු මීගමුව මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමියේදී අද සිදු වූ බවයි වාර්තා වුණේ.
2000, 2012 කාලවකවානුවේදී කෙසෙල්වත්ත හා අලුත්කඩේ ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට කෙසෙල්වත්තේ දිනුක නැමති පුද්ගලයා සම්බන්ධ බවයි පොලීසිය සදහන් කළේ. 2004 වසරේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදු කිරීම, 2010 වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම මෙන්ම කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි විමර්ශනවලදී හෙළි වුණේ. ඔහු 2012 වසරේ සිට අතුරුදන්ව සිටියා. රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා ඩුබායි හි දී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු පසුගිය 18 වෙනිදා දේහය මෙරටට ගෙන එනු ලැබුවා. ඔහුගේ දේහය ගෙන එන විට නම ලෙස සදහන් වී තිබුණේ රාජපක්ෂ කසුන් මධුරංග යන්නයි. ගුවන්තොටුපොළ පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව දේහය මීගමුව රෝහලේ රදවා තබා ගැනුණා.
The post කෙසෙල්වත්තේ දිනුකගේ DNA මවගේ DNA සමඟ ගැළපෙන බව හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment