තාක්ෂණය මත පදනම් වන සමාජයක් – ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
රාජ්‍ය ආයතන සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල බැංකු හා මූල්‍ය ආයතන දුරකතන සේවා සපයන ආයතන රක්ෂණ සමාගම් ආදී ආයතනවල සේවා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැළසෙනවා.
ඒ අනුව මෙම සේවාව ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව,ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ලංකා බැංකව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩයලොග් මූල්‍ය ආයතනය, සම්පත් බැංකුව, ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා, HSBC බැංකුව,යන ආයතන සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ජාතික ලොකරැයි මණ්ඩලය මහජන බැංකුව,හැටන් නැෂනල් බැංකුව සණස සංවර්ධන බැංකුව, වැලිබල් ෆිනෑන්ස් ආයතන සමගද ගිවිසුම් ගතවීමට නියමිතයි.
ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා තාක්ෂණ දායකත්වය ලබා දෙනවා.
මෙම වැඩපිළිවෙළ යටතේ පුද්ගල දත්ත ද්විත්ව වීම , වංචනික ක්‍රියා වළක්වා ගැනීමටද හැකියාව ලැබෙනවා.
The post ජාතික හැඳුනුම්පත් තොරතුරු Online හරහා තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment