කුරුවිට තරුණියගේ ඝාතනය කර ගෙල කපා ඇගේ සිරුර බෑගයක අසුරා වේල්ලවීදියට ගෙන ගොස් දමා හිස සහිත බෑගය සැකකරු රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ. ඝාතනය සිදුකළ උප පොලිස් පරික්ෂකවරයා කොළඹ පෞද්ගලික බස්නැවතුම්පොළෙන් මොණරාගල බලා ධාවනය වන බස් රථයකට නැග ඇති අතර රාත්‍රී 11.30ට පමණ බුත්තල නගරයෙන් බැස ඇති බවද අනාවරණය වී තිබෙනවා. ඊට අදාළ සීසීටීවී දර්ශන ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. එම දර්ශන ඔස්සේ ද පරික්ෂණ ක්‍රියාත්මක අතර
මේ දක්වා තරුණියගේ හිස සොයා ගැනීමට හැකිවී නැහැ. අතුරුදන්ව ඇති බව පැවසෙන ගමන්මල්ල සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු හෙලිවී නැති බවයි පොලිසිය සදහන් කළේ. එම ගමන්මල්ල නිවසක් අසළ ළිදට දමා ඇත්දැයි මතුවූ සැකය මත ළිදේ ජලය ඉවත්කර එය පරික්ෂාවට ලක් කිරීම සිදුවුණා. එමෙන්ම නිවසට යාබද ලඳු කැළැවද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමුවී නැහැ. එම නිවස ආසන්න ප්‍රදේශයේ දී ගිනි තබා විනාශ කර තිබූ කමිසයක කොටස් සොයා ගත් බව බඩල්කුඹුර පොලිසිය සදහන් කළා. එම කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම කමිසය ඝාතනය සිදුකළ උප පොලිස් පරික්ෂකවරයා නිවසට පැමිණෙන විට ඇද සිටි කමිසය බවටයි සැක කෙරෙන්නේ.
මියගිය තරුණිය සහ උප පොලිස්පරික්ෂකවරයා ලැගුම් ගෙන සිටි හංවැල්ලේ හෝටලය කැළණිගගට ආසන්නයෙන් පිහිටා තිබීම හේතුවෙන් තරුණියගේ හිස ඇයගේ ගමන්මල්ලට දමා ගගට විසි කරන්නට ඇතැයි ද සැකයක් මතුවී තිබුණා. ඒ අනුව නාවික හමුදාවේ කිමිදුම් කරුවන් යොදා පරික්ෂා කිරීම් සිදු කෙරුණද එවැනි කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර මියගිය තරුණියගේ මවගෙන් හා ඥාති සොයුරාගෙන් ලබා ගත් ඩී එන් ඒ සාම්පල සැසදීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කළා. තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගත් උප පොලිස් පරික්ෂකවරායගේ සිරුර සම්බන්ධයෙන් පීසීආර් පරික්ෂණයක් ද සිදු කෙරුණා.
The post කුරුවිට තරුණියගේ හිස SI ගෙදර ගෙනා බවටත් සැකයක් – SIගේ දේහයටත් PCR appeared first on ITN News.
Post a Comment