Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගල්ෆ් කලාපයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකිනුත් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවලියක්  

Add comments

දෙමළ ඩයස්පෝරාව, එල්ටීටීඊ හිතවාදීන් පිරිස් සහ ගල්ෆ් කලාපයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක්ද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

දෙමළ ඩයස්පෝරාව මෙන්ම විදේශයන් හි සිටින එල්ටීටීඊ හිතවාදීන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරිම සදහා තවදුරටත් උත්සාහ දරමින් සිටිනවා. කෙසේ වුව ද මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයකට සහභාගි වූ බ්‍රිතාන්‍යයේ ජීවත් වන මෙරට සම්භවයක් සහිත මුස්ලිම් ජාතික නීතිඥවරයෙකු වන රිෂ් උඩවත්ත මෙයට නිසි පිළිතුරු ලබා දුන්නා.

මේ අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ද මව්රටට එරෙහිව එල්ල වන මෙම අභූත චෝදනාවලට පිළිතුරු සැපයීම සදහා ක්‍රියා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 5 ක් එක්ව භාර දී ඇති යෝජනාව පිළිබද විවාදය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි. කෙසේ වුව ද රටවල් 22 ක් මේ වන විට ශ්‍රී ලංකාවට සහාය පළකර තිබෙනවා.

The post ගල්ෆ් කලාපයේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකිනුත් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවලියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG