ලොව වඩාත්ම කාර්යබහුල නාවික වෙළෙද මාර්ගයක් වුන ඊජිප්තුව ආශ්රිත සූවස් ඇළේ දැවැන්ත නෞකාවක් සිරවීමත් එක්ක හට ගත් අර්බුදය මේ වෙන කොට දරුණු වෙලා තියෙනවා. හිරවුණු නැව නිසා අපේ රටේ ආර්ථිකයටත් සෘජුව හා වක්රවත් බලපෑම් එල්ල වෙන්න පුළුවන් කියලත් අනාවැකි පලවෙනවා.
ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර කරමින් එම්. වී. එවර්ගිවන් විශාල බහාලුම් නෞකාව අනතුරට ලක්වී අදට දින 5 ක්. මේ හේතුවෙන් මෝටර් රථ, බොරතෙල් සහ ගෑස් ඇතුලු බහාලුම් නෞකා 237 කට ආසන්න සංඛ්‍යාවක් සූවස් ඇළ ආශ්‍රිතව සිරවී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මහා සාගරයේ මෑතකදී ඇතිවූ විශාලතම නෞකා තදබදය මෙය බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් දැනටමත් ලෝක වෙළෙද පොලේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
නෞකාව ඉවත් කර ගැනීමට ඊජිප්තු බලධාරීන් විශාල ප්රයත්නයක් දරමින් සිටින අතර එය තවමත් සාර්ථක වී නැහැ. නෞකාවේ අඩංගු බහාලුම් ප්‍රමාණය 20,000 ක් වනවා. එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000 ක්. නෞකාව නිවැරදි දිශානතියට යොමු කිරීමට නම් එම ස්ථානයේ සිරවී ඇති වැලි තට්ටු ඉවත් කළ යුතුයි. ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත්ලක්ෂ හයදහසක් එහිදී ඉවත් කිරීමට සිදුවනවා. එමෙන්ම එහි බහාලුම් ප්‍රමාණයක් ඉවත් කර හෝ නෞකාව යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් සැළකිය යුතු දින ගණනක් ගතවනු ඇති බවටයි මේ වන විටත් වාර්තා පළවී තිබෙන්නේ. මෙම තත්ත්වය මෙරට අපනයන ක්ෂේත්රයටද බලපෑම් එල්ල කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් බාලසූරිය මහතා පෙන්වා දෙනවා.
The post සූවස් ඇළේ හිරවුණු නැව ශ්‍රී ලංකාවත් හිර කරයිද? (VIDEO) appeared first on ITN News.
Post a Comment