පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පොල්තෙල් අඩංගු ටැංකි තුනකට මුද්‍රා තබා තියෙනවා. අදාළ පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කරන තුරු මුද්‍රා තැබීමට පියවර ගත්බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.
ඇෆලටොක්සින් නමැති පිළිකාකාරක රසායන ද්‍රව්‍ය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ අසූතුන්දහසක් අඩංගු බහාලුම් රේගුවෙන් නිදහස් කළ බවට පසුගියදා පාර්ශ්ව කිහිපයක් චෝදනා එල්ල කළා. නමුත් මෙම පොල්තෙල් තොගය පරික්ෂණ නිමවන තුරු ගුදම්වල තවමත් මුද්‍රා තබා ඇති බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
එම පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂාව සදහා කාර්මික තාක්ෂණික ආයතනයට යවා තිබෙනවා. අදාළ පොල්තෙල් තොගය කිසිසේත් වෙළදපොළට නිකුත් වීමට ඉඩ නොතබන ලෙසත් ඒවා ප්‍රති අපනයනය කිරීමට හෝ විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආයතන හතරක තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරමින් පවතින බවයි. ඉදිරි දින කිහිපය තුළ එහි ප්‍රතිඵල නිකුත් කරන බවද ප්‍රමිති ආයතනය සදහන් කර සිටියා. මේ අතර පිළිකා කාරක පොල්තෙල් වෙළදපොළට නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීමට දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල් සාම්පල ලබාගැනීම පාරිභෝගක කටයුතු පිළිබද අධිකාරිය ආරම්භ කර තිබෙනවා.
The post පොල්තෙලේ පිළිකාව සොයන්න මෙහෙයුම් – රටින් ගෙන්වූ ටැංකි 03කට සීල් තබයි appeared first on ITN News.
Post a Comment