Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජිතට එරෙහි නඩුව ජූනි 07 වනදා කැදවීමට නියෝග  

Add comments

හිටපු ඇමති රාජිත සේනාරත්න සහ රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහි නඩුව ජූනි 07 වනදා කැදවීමට නියම කෙරුණා.

මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේයි එම නියෝගය නිකුත් කෙරුණේ. සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යන බවට මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදු කර එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ කටයුතුවලට අගතියක් සිදු කළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ මෙම නඩුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශන උත්පාදනය කළ පරිඝනක පද්ධති පරික්ෂා කිරීම සදහා විත්ති පාර්ශ්වයට අවස්ථාවක් ලබාදී තිබූ බවයි. එහෙත් ඒ සදහා විත්තිය නීතිඥවරයකු යොමු කර නොතිබූ බව ඔහු දැනුම් දුන්නා. ඒ අනුව අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සදහා මැයි මස 14 වනදා නීතිඥයකු සහභාගී කරවන ලෙස විනිසුරුවරයා විත්තියට නියම කළා.

මේ අතර බලපත්‍රයක් නොමැතිව අලිපැටවෙකු සන්තකයේ තබාගත්තේ  යයි කියන චෝදනාවට වැඩතහනමට ලක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 28 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එදින ආරම්භ කරන බවයි විනිසුරුවරයා ප්‍රීකාශ කළේ.සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නීයෝග කෙරුණා.

 

The post රාජිතට එරෙහි නඩුව ජූනි 07 වනදා කැදවීමට නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG