Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගනේමුල්ල සංජීව ඇතුලු 11 දෙනෙකු මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි  

Add comments

කොටි සංවිධානයට අයත් වූ ක්ලේමෝ බෝම්බ හා ගිනිඅවි දකුණේ පාතාල සංවිධාන වෙත විකිණීමට කටයුතු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයා ඇතුලු තවත් සැකකරුවන් 11 දෙනෙකු මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද කැද වූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් මුදා හරින ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට වාර්තා කළේ. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 20 දෙනා ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි. ලබන 19 වනදා පරික්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියම කළා.

 

The post ගනේමුල්ල සංජීව ඇතුලු 11 දෙනෙකු මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG